Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner අයි.පී.එල්. අවසන් වටය හෙට සිට

අයි.පී.එල්. අවසන් වටය හෙට සිට

Nisanka Sandeepani - 2019 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2019) ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය හෙට සිට ආරම්භ වීමට නියමිතය. මූලික වටයේ තරග 56 ක් අවසානයේ මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර්කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ සන්රයිස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබාගත්හ. 

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 14 කට බැගින් ක්‍රීඩා කළ අතර එහිදී ජයග්‍රහණය 9 බැගින් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 18 බැගින් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර්කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් සමත් වූහ.

කෙසේ වුවත් එම කණ්ඩායම්වල දළ ලකුණු වේගය අනුව මූලික වටය අවසානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථනයටත්, චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයටත් පත්වූහ. 

සන්රයිසස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස් සහ කිංග්ස් ඞෂ පන්ජාබ් යන කණ්ඩායම් තරග 6 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 12 බැගින් ලබාගැනීමට සමත් වුවද, දල ලකුණු වේගය අනුව ඔවුන් අතරින් අවසන් වටයට සුදුසුකම් ලබාගත හැකි වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පමණි. 

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මැයි 7 වැනිදා චෙන්නාහිදීද, පරාජිතයන් ඉවත් කිරීමේ තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම 8 වැනිදා විශාකාපට්නම්හිදී පැවැත්වේ. 

පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර 10 වැනිදා විශාකාපට්නම්හිදී දෙවැනි දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ මැයි මස 12 වැනිදා හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. අවසන් වටයේ සියලුම තරග ඉන්දීය වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ. 

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන 

-036 


අදහස් (0)

අයි.පී.එල්. අවසන් වටය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.