Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ​සුමිතුරන්ගේ සටනේදී සත්සරගෙන් ශතකයක්

​සුමිතුරන්ගේ සටනේදී සත්සරගෙන් ශතකයක්

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බළපිටිය - එස්.ඒ.වයි. ද සිල්වා සහ කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත)

අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල සහ අලු‍ත්ගම මාලේවන ශ්‍රී ඤාණිස්සර ජාතික පාසල අතර පස් වැනි වරටත් පැවැති ‘සුමිතුරන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණි.

එහිදී රාජපක්ෂ විද්‍යාලයේ සත්සර ප්‍රමෝද් ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් මැන්දිස්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගයේදී රාජපක්ෂ විදුහලේ සත්සර ප්‍රමෝද් තරගයේ වීරයා ලෙසත්, ඤාණිස්සර විදුහලේ මලිඳු මලීෂ හොඳම පිතිකරු ලෙසත්, රාජපක්ෂ විදුහලේ සප්ත චමෝද්‍ය හොඳම පන්දු යවන්නා ලෙසත් ශුරතා සම්මාන ලැබූහ.

 

ඤාණිස්සර විද්‍යාලය පළමු ඉනිම - සියලු‍ දෙනා දැවී ලකුණු 221
මනුල අයන්ත 54, මලිඳු මලීෂ 50, රමේෂ් ලක්ෂාන් 35/3, සප්ත චමෝද්‍ය 42/2

රාජපක්ෂ විද්‍යාලය පළමු ඉනිම - සියලු‍ දෙනා දැවී ලකුණු 236
සත්සර ප්‍රමෝද් 101, හසන්ත ද සිල්වා 46, තිසර කාවින්ද 42/2, තිසර චතුන් 61/3

ඤාණිස්සර විද්‍යාලය දෙවැනි ඉනිම - සියලු‍ දෙනා දැවී ලකුණු 161
මලිඳු මලීෂ 72 (නොදැවී), මනුල අයන්ත 22, නිම්සර කාවින්ද 42/4, සප්ත චමෝද්‍ය 18/3

රාජපක්ෂ විද්‍යාලය දෙවැනි ඉනිම - කඩුලු 2ට 33
විහඟ ඉඳුවර 17 (නොදැවී), තිසර කාවින්ද 11/2


අදහස් (0)

​සුමිතුරන්ගේ සටනේදී සත්සරගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.