Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සෙනෙෂ්ගේ පිතිහරඹය ශන්ත සෙබස්තියන් පිල ඔසවා තබයි

සෙනෙෂ්ගේ පිතිහරඹය ශන්ත සෙබස්තියන් පිල ඔසවා තබයි

editorial - 2023 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 73 වැනි මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) අගනා ශතකයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහ⁣ල් කණ්ඩායමේ සෙනේෂ් ප්‍රනාන්දු (නොදැවී 114) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල,  සෙනෙෂ්ගේ ශතකය හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර ඉන් අනතුරුව ඉනිම අත්හිටුවා වේල්ස් කුමර විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

ක්‍රීඩාව නතර කරන  විට පන්දුවට පහර දෙමින් සිටි වේල්ස් කුමරුවෝ, සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 42 ක් ලබා සිටි අතර දිනය නිමාවන තෙක්ම කඩුලේ රැදී සිටි තරිඳු අමරසිංහ නොදැවී ලකුණු 33 ක් ලබ සිටියේය.

 

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 7 ක් දැවී 219
(සෙනෙෂ් ප්‍රනාන්දු නොදැවී 114, අදීෂ අල්මේදා 31, සන්දේෂ් ප්‍රනාන්දු 28, භාසුරු කල්හාර 62/2)

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී 42
(තරිඳු අමරසිංහ නොදැවී 33)


අදහස් (0)

සෙනෙෂ්ගේ පිතිහරඹය ශන්ත සෙබස්තියන් පිල ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.