Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සිද්ධාර්ථය මංගල ජය ලබයි

සිද්ධාර්ථය මංගල ජය ලබයි

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

බලපිටිය රේවත විද්‍යාලය හා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවති වීර සටන මහා ක්‍රිකට් තරගයේදී සිද්ධාර්ථ විද්‍යාලය ලකුණු 14 ක ජයක් වාර්තා කළේය. මෙම තරගය ඊයේ (5) සහ අද (6)  දිනවල බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ක්‍රිකට් කීඩාවේ අවිනිශ්චිත බව මේ යයි කියමින් බොහෝ අය පුල පුලා බලා සිටි රේවත විදුහලේ  ජය අනෙක් පැත්ත හරවමින් ලකුණු 60 ක ඉලක්කයක් කරා ගිය රේවත විදුහල් කණ්ඩායම ලකුණු 46 කට සීමා කරමින් සිද්ධාර්ථ විද්‍යාලය මේ මංගල ජය ලබා ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරතවූ සිද්ධාර්ථ විද්‍යාලයේ ගයාන් ද සොයිසා ලකුණු 14 කට කඩලු 5 ක්ද කවීෂ් චමල්ක ලකුණු 24 කට කඩලු 4 ක් දවා ගනිමින් තම විද්‍යාලයට ජයග්‍රහණය ගෙන දුන්හ.

කාසියේ වාසිය දිනා  පළමුවෙන් පිතිහරඹයට ගිය සිද්ධාර්ථ විදුහල් කණ්ඩායමට ලකුණු සියයේ යේ කඩඉම පසුකර යාමට දිනුර නෙත්මින සහ කවීෂ සම්පත් ඉඩ නොදුන්හ. දිනුර නෙත්මින ලකුණු 16 ට කඩලු 5 ක් දවාගත් අතර කවීෂ සම්පත් ලකුණු 20 ට කඩලු 2 ක් බිද හෙළූහ. සිද්ධාර්ථ විදුහල වෙනුවෙන් ජයත් මෙන්ඩිස් ලකුණු45ක් ලබා ගත්තේය.

රේවත විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනාම දැවී ලකුණු 138ක් ලබා ගත්තේ පළමු ඉනිමේදී ලකුණූ 47ක් වාසියක් ද අතැතිවය. ගිම්හාන් දිම්සර (41) හා අමේෂ උපාද්‍ය (30) රේවත විදුහල් කණ්ඩායමට සියයේ කඩ ඉම පසුකර යෑමට අපූරු තල්ලුවක් ලබාදුන්හ. සිද්ධාර්ථ විද්‍යාලයේ කවීෂ චමල්ක (53/3) හා ගයාන් ද සොයිසා (32 /3) කඩලු තුන බැගින් බෙදා ගත්හ.

දෙවනි ඉනිමේදී සිද්ධාර්ථ විද්‍යාලය ලකුණු 100 සීමාව පැන්නුවත් මුල් ඉනිමේදී ලද අවාසිය හේතුවෙන් රේවතයන්ගේ ඉලක්කය ලකුණු 60 ක් විය. ජයග්‍රාහනය සදහා ලකුණු 60ක් ලබා ගැනීමට පිටියට ගිය රේවත විද්‍යාලයට එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 46 ක් පමණි. රේවත විද්‍යාලයේ අමීෂ ද සිල්වා පමණක් ලකුණු 18 ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 10 සීමාව පැන්නීමට සිද්ධාර්ථ  පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. ගයාන් ද සොයිසා (14/5) සහ කවිෂ් චමල්ක (24/) විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් සිද්ධාර්ථ විද්‍යාලයට ජය මාවත විවර කර දුන්හ.

වීර සටනේ තරග 14ක් දිනා තිබූ රේවත විද්‍යාලයට 15 වැනි ජය අහිමි කරමින් සිද්ධාර්ථ විද්‍යාලය  සිය මංගල ජය වාර්ථා කළේය.

 

සිධාර්ථ විද්‍යාලය - පළමු ඉනිම සියලුදෙනාම දැවි 91 යි
(ජයත් මෙන්ඩිස් 45, දිනුර නෙත්මින 16/5, කවීෂ සම්පත් 20/2)

රේවත විද්‍යාලය පළමු ඉනිම - සියලුදෙනාම දැවී 138
(අමීෂ ද සිල්වා 30, ගිම්හාන් දිම්සර 41, කවීෂ් චමල්ක 53/3, ගයාන් ද සොයිසා 32/3, ජැක් සාක්‍ය 14/2)

සිද්ධාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 107
(විසල් ගිම්හාන් 23, සදේශ නිර්මාල් 18, කවීෂ සම්පත් 20/3)

රේවත විද්‍යාලය දෙවැනි ඉනිම - සියලු දෙනාම දැවී 46
(අමීෂ ද සිල්වා 18, ගයාන් ද සොයිසා 14/5, කවීෂ් චමල්ක 24/4)


අදහස් (0)

සිද්ධාර්ථය මංගල ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.