Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශූරයන්ගේ සටන අද - හෙට අම්බලන්ගොඩදී

ශූරයන්ගේ සටන අද - හෙට අම්බලන්ගොඩදී

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තෙවැනි වරටත් සංවිධානය කෙරෙන ශූරයන්ගේ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද සහ හෙට (6 සහ 7) අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පැවැත්වේ.

මෙවර තරගය පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සත් කාරකත්වයෙන් පැවැත්වෙන අතර පසුගිය තරග දෙකම ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම රවිෂාන් නෙත්සර මෙහෙයවන අතර දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම චමින්ද සඳරුවන් මෙහෙයවයි.

දශක දෙකක පමණ ක්‍රිකට් ඉතිහාසයක් ඇති පී.ද. එස්. කුලරත්න විද්‍යාලය මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දායාද කිරීමේ අත පොවන මායිමට පැමිණ තිබේ.

පසු ගිය වසරේ වයස 19 න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දසකම් දැක්වූ රවිෂාන් නෙත්සර වර්තමානයේදී පී.ද.එස්.කුලරත්න විදුහල් කණ්ඩායමේ නායකයාය.

ඔහු මෙවර තරගාවලියේදී මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේදී වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 129 යකදී හතරේ පහර 29 ක් සහ හයේ පහර 10 යක් සමග ලකුණු 200 ක් ලබා ගැනීමට සමත් විය. පී.ද.එස්.කුලරත්න විද්‍යාලය වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා ඔහුය.

දෙවැනි කාණ්ඩයෙන් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට මුහුණ දෙන පී.ද.එස්.කුලරත්න විද්‍යාලය මෙවර තරගාවලියේදී තමන් මුහුණදුන් තරග අටෙන් හතකම පූර්ණ ජයත් අත්කරගත් අතර අනෙක් තරගය ජයපරාජයෙන් තොරව නිමා කළේය. මෙතෙක් පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලදී පී.ද.එස්.කුලරත්න විද්‍යාලය විසින් මෙවැනි දක්ෂකමක් දැක්වූ පළමු අවස්ථාව මෙයවේ.

 ක්‍රිකට් ක්‍රීඩාවට සැලකියයුතු ඉතිහාසයක් තියෙන දේවපතිරාජ විද්‍යාලය අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසින් තරග වදින කණ්ඩායමකි. දේවපතිරාජ විද්‍යාලය තරග 10 යකට මුහුණදී එක් තරගයක පූර්ණ ජයක් ද අනෙක් තරග නවයම ජයපරාජයෙන් තොරව නිමාවට පත්කරගෙන තරගාවලියේ අපරාජිතව සිටී.

ශ්‍රී ලකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙකු බිහිකර දීමට දේවපතිරාජ විද්‍යාලය සමත්ව සිටී. තරිදු කෞෂල්‍ය හා නිරුවන් තීක්ෂල ඔවුහුය.එමෙන්ම දේවපතිරාජ විද්‍යාලයෙන් පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමටද ක්‍රීඩා කර තිබේ.

 

පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම:-
රවිෂාන් නෙත්සර (නායක), මහීෂ ප්‍රභාෂන (උප නායක), ධනුෂ්ක මධුෂංක, සසිනුදු කෞෂාන්, මතීෂ දුලංජන, ජනිදු චාමික, ශකිල හංසක, ඉනුක දුල්ජය, ධමික අකලංක, නවිදු යසින්ත, එනුක ඔනදිත්, හේෂාන් ද සිල්වා, ගීෂාන් ද සිල්වා, ලකිදු තිහංසන, යගීත් රනුමික, කවීෂ ගයාෂාන් සහ භානු අනුත්තර.

 

දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම:-
චමින්ද සදරුවන් (නායක), පැතුම් සාමින්ද (උප නායක), මතීෂ සාරන්ග, දර්ශක සන්දීප්, චන්දු පද්මික, ගිම්හාන් රසංජන, අරෝෂ සිතුමින, පුල්ජිත් වත්සුක, යසිරු ලක්ෂාන්, හිරාන් චාමිකර, විහග ඉදුසර, පිංසර දුතංග, ඔෂීන් කල්හාර, සඳරු මල්ශාන්, ප්‍රදීප් රංගන, දියත් සන්ජන සහ නෙතුෂ නිර්මාල්,


අදහස් (0)

ශූරයන්ගේ සටන අද - හෙට අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.