
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කඳාන ද මැසිනොද් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 143 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායමේ ශනාල් ප්‍රනාන්දු නොදැවී ලකුණු 102 ක් රැස්කළ අතර එම විදුහලේම කොෂේන්ද්‍ර ප්‍රනාන්දු ලකුණු 17 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 43.2 කදී කඩුලු 7 ක් දැවී 224
(ශනාල් ප්‍රනාන්දු නොදැවී 102, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 35, රොවීන් සිල්වා 54/2, සවිනු චන්දුල 56/2)
මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 51
(නෙතුජ ප්‍රනාන්දු 26/5, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 05/3)
මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15.1 කදී සියලු දෙනා දැවී 30
(කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 14/5, ශෙවීන් පීරිස් 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.