අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ අශාන් දිල්හාර (50) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සුමුදු උදාර ලකුණු 65 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 157
(අශාන් දිල්හාර 50, රෙෂාන් මලිත් 23, සිතුම් අකිලංක 18/3, දුලාජ් අශේන් 28/3, මලීෂ දේෂාන් 30/3)
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 116
(චතුමාල් නිමේෂ් 27, අයෝන් හේසර 22, සුමුදු උදාර 28/4, අභිෂේක් සංජු 46/3)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 123
(රෙෂාන් මලිත් 22, මලීෂ දේෂාන් 36/5, සිතුම් අකිලංක 59/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 66 කදී කඩුලු 9 ක් දැවී 146
(ෂෙවෝන් ජොනතන් 29, ෂෙනුර දෙමාල් 29, අයෝන් හේසර 20, සුමුදු උදාර 37/4, අභිෂේක් සංජු 80/3, අශාන් දිල්හාර 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.