අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ ටී. විනෝජන් (105) ශතකයක් ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහලේ දිනුක් විෂාල් (87) සහ සඳුන් මධුෂංක (51) අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 48 කදී සියලු දෙනා දැවී 183
(ටී. දිනෝෂන් 91, ඒ. සුකේසන් 23, කේ. කරිෂන් 27, දිනුක් විෂාල් 21/3, කවීෂ දුලංජන 38/3, රොමේෂ් සුරංග 26/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 242
(දිනුක් විෂාල් 87, සඳුන් මධුෂංක 51, අබ්දුල් රහුමාන් 20, ඒ. සාරාන් 66/4, කේ. කරිෂන් 37/2, කේ. අබිරංජන් 56/2)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 74.4 කදී සියලු දෙනා දැවී 284
(ටී. විනෝජන් 105, එන්. සෞම්‍යන් 64, කේ. කරිෂාන් 33, ඒ. සුකේසන් 23, කේ. සබීසන් 21, රොමේෂ් සුරංග 60/3, පැතුම් විහඟ 61/2, කවීෂ දුලංජන 94/2)
ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුල්ලක් දැවී 43
(අවිෂ්ක තරිදු නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.