අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබෙස්තියන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර ශාන්ත සෙබෙස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබෙස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබෙස්තියන් විදුහල් අයෝන් හේසර නොදැවී ලකුණු 192 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.
බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 105
(මින්දුල වීරසිංහ 31, දුලාජ් අශේන් 11/4, සිතුම් අකලංක 50/4)
ශාන්ත සෙබෙස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 56 කදී සියලු දැවී ලකුණු 290
(අයෝන් හේසර නොදැවී 192, ඉසුරු සම්පත් 33, සහන් පුවක්පිටිය 34/4, යසිරු විජේසිංහ 65/2, කනිෂ්ක නිමේෂ් 93/2)
බණ්ඩාරනායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60.4 කදී සියලු දෙනා දැවී 167
(සිතිජ සිල්වා 50, සඳරු පතිරණ 22, දුලාජ් අශේන් 43/5, සිතුම් අකලංක 85/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.