Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශ්‍රී සුමංගල - ශ්‍රී රාහුල රන් සටන අප්‍රේල් අද-හෙට

ශ්‍රී සුමංගල - ශ්‍රී රාහුල රන් සටන අප්‍රේල් අද-හෙට

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලත් කටුගස්තොට ශ්‍රී රාහුල විදුහලත් අතර 26 වැනි රන්  සටන මහා ක්‍රිකට් තරගය අප්‍රේල් මස 08-09 (සඳුදා සහ අඟහරුවාදා) යන දෙදින තුළ පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය .

මෙම මහා ක්‍රිකට් තරඟය 1984 වසරේදීආරම්භ වී ඇති අතර එය මහනුවර පාසල් අතර පැවැත්වෙන ඉතාම මෑතකදී ආරම්භ වූ  මහා ක්‍රිකට් තරඟය වෙයි. එසේ වුවත් විවිධ හේතූන් මත අවස්ථා ගණනාවකදී  පැවැත්වීමට නොහැකිව තිබේ .

මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරග අතරින් තරඟ හතරක ජය වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල විසින් වාර්තා කර තිබේ. ශ්‍රී රාහුල විදුහල මෙතෙක් ජයග්‍රහණයක් ලබා නොමැත .  අනෙක් තරඟ ජය පැරදුමෙන් තොරව නිමා වී තිබේ .

ශ්‍රී සුමංගල විදුහල මේ තරග වාරයේ තරඟ අටකට මුහුණ දී ඉන් තරඟ දෙකක පූර්ණ ජය වාර්තා කරමින් ඉතිරි තරග ජය පුරදුමෙන් තොරව නිමා කොට තිබේ .

ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩක සවිඳු චානක මේ තරඟ වාරයේ ලකුණු 413 ක් රැස්කොට කඩුලු 38 ක් බිඳ හෙළා තිබෙන අතර අරූජ් ඒකනායක (637) සහ නායක භාණුක දිසානායක (512) පිත්තෙන් දස්කම් දක්වා තිබේ. මුවිඳු බාලසූරිය කඩුලු 58 ක් වාර්තා කරමින් පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල මේ තරඟ වාරයේ තරඟ අටකට මුහුණ දීතරඟ තුනක් ජයගෙන තුනක් පරාජය වී ඉතිරි තරඟ දෙක ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ. ශ්‍රී රාහුල විදුහල වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක තිවීෂණ අබේසේකර ලකුණු 550 ක් වාර්තාකොට කඩුලු 19 ක් බිඳ හෙළා තිබෙන අතර විසල් ගාර්දියවසම් ලකුණු 377 ක් වාර්තාකොට කඩුලු 37 ක් බිඳ හෙළා තිබේ . සුමේධ ප්‍රසාද ලකුණු 275 සහ කවිෂ්ක ජයසූරියකඩුලු 37 දවාගනිමින් පිටියේ දස්කම් දක්වා ඇති අනෙක් ක්‍රීඩකයන් වේ .

 

වාරියපොළ ශ්‍රී සුමංගල කණ්ඩායම .

භාණුක දිසානායක (නායක), මොවිඳු බාලසූරිය (උපනායක), දිනේන්ද්‍ර චමෝද්, නිමේෂ් සෙනවිරත්න, ඕෂිත අභිරු, කෞශල්‍ය සයුරංග බණ්ඩාර, නිම්සර රණසිංහ, සවිදු නිසල්, අවිසල් භාරත, ප්‍රවීන් රණතුංග, ෂේන් රශින්, තෙමූර සමරතුංග, අරූජ් ඒකනායක, තිසර ගිම්හාන සහ විහඟ ප්‍රභාෂ

 

ශ්‍රී රාහුල කණ්ඩායම

විසල් ගාර්දියවසම් (නායක), වයි. ඒ. පුංචිහේවා (උපනායක), අතික්ෂ රත්නායක, සෙනුල විජේරත්න, සෝනල් විජේසිරි, කනිෂ්ක රාජපක්ෂ, ආකේෂ් කරුණාරත්න, හේසර උඩවත්ත, ගීත් ආරියරත්න, චාමික කපිලරත්න, පහන් දම්සර, තවීෂ ජයසූරිය, නෙතුම් බණ්ඩාර, කවිඳු සමරනායක සහ කවිෂාන් මහකුඹුර

 


අදහස් (0)

ශ්‍රී සුමංගල - ශ්‍රී රාහුල රන් සටන අප්‍රේල් අද-හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.