Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වීරසිංහ විශිෂ්ට පිතිහරඹයක

වීරසිංහ විශිෂ්ට පිතිහරඹයක

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මලියදේව පිලේ නායක ගයන වීරසිංහ පන්දු 98කදී ලකුණු 145ක් වාර්තා කරමින් විශිෂ්ට පිති හරඹයක නිරත වුව ද, මලිය⁣දේව සහ ශාන්ත ආනා දෙවිදුහල් අතර 40 වැනි වරට ද මෙවර පැවැති ‘ඇතුගල්පුර සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය.

මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේද්‍ී විදුහල් දෙකෙහිම ක්‍රීඩකයන් එක හා සමාන දක්ෂතා පෙන්වමින් කරට කර සටන් වැදීම විශේෂත්වයකි.

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශාන්ත ආනා නායක මහිම කොටුවිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා මලිය⁣දේව නායක ගයන වීරසිංහට ආරාධනා කළේය. ඒ අනුව, මලිය⁣දේව විදුහලේ ක්‍රීඩකයෝ ප්‍රථමයෙන් පන්දුවට පහරදී, ඕවර 38කදී සියලුම දෙනා දැවී, ලකුණු 119ක් රැස් කරගත්හ. එහිදී වැඩිම ලකුණුලාභියා වූයේ දිමන්ත අරෝෂය. ඔහු ලකුණු 37ක් රැස් කරගත් අතර, එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශාන්ත ආනා විදුහලේ සනුජ දිසානායක ලකුණු 50කට කඩුලු 6ක් බිඳ හෙළුවේය.

 

මලියදේව පළමු ඉනිම - ඕවර 38කදී සියලුම දෙනා දැවී ලකුණු 119
(පැහැසර බණ්ඩාර 28, දිමන්ත අරෝෂ 37, විනුක ගලප්පත්ති 19, දිමත් අබේසිංහ 11, සනූජ දිසානායක50/6, කෙවින් නානායක්කාර 13/2)

ශාන්ත ආනා පළමු ඉනිම - ඕවර 71.3කදී කඩුලු 8ක් දැවී ලකුණු 219
(බුද්ධම නන්දසිරි 57, මහිම කොටුවල 21, යස්මිත් ජයසුන්දර 51, චමිත් සසෙන්ජන 35, දිමත් අබේසිංහ 69/6)

මලිය⁣දේව දෙවැනි ඉනිම - ඕවර 62.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 326
(ගයන වීරසිංහ 145, පැහැසර බණ්ඩාර 92, තිවංක දිසානායක 42, දිමන්ත අරෝෂ නොදැවී 25, ෂෙහාන් කුමාර 91/5)

තරගයේ දක්ෂතම පිතිකරු - ගයන වීරසිංහ (මලියදේව)
දක්ෂතම පන්දු යවන්නා - සනූජ දිසානායක (ශාන්ත ආනා)
දක්ෂතම පන්දු රකින්නා - බුද්ධිම නන්දසිරි (ශාන්ත ආනා)
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - සනූජ දිසානායක (ශාන්ත ආනා)


අදහස් (0)

වීරසිංහ විශිෂ්ට පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.