අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර මීගමුව, කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.
එහිදී කවිඳු නිර්මාන (67) සහ දිමුත් සඳරුවන් (නොදැවී 59) රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 69 කදී සියලු දෙනා දැවී 164
(කවිඳු නිර්මාන 38, සඳුන් මෙන්ඩිස් 28, චමත් දිල්සර 26, සුගීත් නිම්නද 22, රිෂාන් චාමික 21, ෂෝන් ෂෙනිල් 19/3, මෙනූෂ පෙරේරා 45/3, ධනුක නිර්මාල් 22/2)
ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 113
(චමත් ප්‍රනාන්දු 37, පසිඳු දසනායක 29, සුගීත් නිම්නද 26/4, තරින්ද නිර්මාල් 09/3)
රිච්මන්ඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 3 ක් දැවී 180
(කවිඳු නිර්මාන 67, දිමුත් සඳරුවන් නොදැවී 59, භානුක මනෝහර 34)
ජෝෂප් වාස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 119
(පසිඳු දිසානායක 30, විෂ්ව රාජපක්ෂ 27, ඔනෙල් ඉලංගසේකර 25, තරින්ද නිර්මාල් 13/3, චමත් දිල්සර 13/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.