අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ මරදාන සහිරා විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.
එහිදී සහිරා විදුහලේ වෙන්කට් රාජේන්ද්‍රන් නොදැවී ලකුණු 65 ක් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 190
(දිනුක් සේරසිංහ නොදැවී 42, අවින්ත ද අල්විස් 32, අභිෂේක් ජයවර්ධන 21, මික්ධාද් අක‍්‍රම් 28/2, චමෝද් ලක්ෂාන් 45/2)
සහිරා විදුහල - ඕවර 48 කදී කඩුලූ 5 ක් දැවී 194
(වෙන්කට් රාජේන්ද්‍රන් නොදැවී 65, මොහොමඞ් ඉජාස් 41, චමෝද් ලක්ෂාන් 35, දිනෙත් ජයකොඩි 25/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.