Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School යාපනය මැදි විදුහල අවසන් තරගයට

යාපනය මැදි විදුහල අවසන් තරගයට

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට යපනය මැදි විදුහල ඊයේ (4 වැනිදා) සමත් විය.

පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී මතුගම ශාන්ත මරියා විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් යපනය මැදි විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ.

එහිදී යපනය මැදි විදුහලේ අනන්තන් කාජන් නොදැවී ලකුණු 74 ක් රැස්කළ අතර එම විදුහලේම රජිත්කුමාර් නිව්ටන් ලකුණු 32 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය.


ශාන්ත මරියා විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 178  
(හිමේෂ මධුභාෂන 53, යසිත් සත්සර 37, හිරාන් ලක්ෂිත 24, රජිත්කුමාර් නිව්ටන් 32/4, නිෂාන්තන් අජේ 35/2)

යාපනය මැදි විදුහල - ඕවර 41 කදී කඩුලු 6 ක් දැවී 183  
(අනන්තන් කාජන් නොදැවී 74, රජිත්කුමාර් නිව්ටන් 45, ඉසුර දේෂාන් 22/2)

-036

 


අදහස් (0)

යාපනය මැදි විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.