Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මොරටු රන් මහ සටන 14 - 15
මහ කි‍්‍රකට් තරග

මොරටු රන් මහ සටන 14 - 15

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන 71 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගය මේ මස 14 වැනිදා සහ 15 වැනිදා දෙදින 50% ක පේ‍්‍රක්ෂක ධාරිතාවකින් යුක්තව මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

රන් මහ සටනට පසුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන 36 වැනි වාර්ෂික එක්දින තරගය 16 වැනිදා (ඉරිදා) එම කී‍්‍රඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

මැදපෙළ පිතිකරු දිනුර ප‍්‍රනාන්දු විසින් වේල්ස් කුමර කණ්ඩායමද, කඩුලූ රකින කී‍්‍රඩක සුඛිත ප‍්‍රසන්න විසින් ශාන්ත සෙබස්තියන් කණ්ඩායමද මෙහෙයවනු ලබති.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2 කට පසුව පැවැත්වෙන මෙවර රන් මහ සටනේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත.  

කණ්ඩායම් දෙකේම කී‍්‍රඩකයන්, පුහුණුකරුවන්, සහාය කාර්ය මණ්ඩල සාමාජිකයන්, විනිසුරුවන් සහ තරග නිලධාරීන් සෞඛ්‍ය සේවාවන්හි අධීක්ෂණය යටතේ කොවිඞ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දින 7 ක කාලයක් පුරා ජෛව ආරක්ෂක බුබුලක් තුළ රැඳී සිටිති.

මින් පෙර පැවැති මහ කි‍්‍රකට් තරග 70 න් 6 ක් ජයගැනීමට වේල්ස් කුමර විදුහල සමත් වී ඇති අතර ඉන් ශාන්ත සෙබස්තියන් විදුහල ජය ලබා ඇති තරග සංඛ්‍යාව 3 කි. 2011 වසරේදී සනිත ද මෙල්ගේ නායකත්වය යටතේ ජය ලැබූ ශාන්ත සෙබස්තියන් විදුහල රන් මහ සටනේදී ලබාගත් අවසන් ජයග‍්‍රහණයයි. අවසන් වරට පැවැති මහ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වූ අතර එක්දින තරගයේදී වේල්ස් කුමර කණ්ඩායමට ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුව ලකුණු 5 ක තියුණු ජයක් හිමිවිය.

එක්දින තරගාවලි ඉතිහාසයේදී ජයග‍්‍රහණ 17 ක් සමග පෙරමුණ ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්ව ඇති අතර වේල්ස් කුමර විදුහල ජයග‍්‍රහණ 15 කට හිමිකම් කියයි. එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමාවට පත්ව ඇති අතර තරග දෙකක් අත්හැර දැමීමට සිදුව තිබේ.  

1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජික රොමේෂ් කළුවිතාරණ සහ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දුලිප් මෙන්ඩිස්ද ඇතුළුව මෙම පාසල් දෙකින්ම බිහිවූ කී‍්‍රඩකයෝ රැසක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළහ.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් කී‍්‍රඩකයන් වන  ඕෂධ ප‍්‍රනාන්දු, විශ්ව ප‍්‍රනාන්දු, අවිෂ්ක ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ අමිල අපෝන්සු ශාන්ත සෙබස්තියන් විදුහලෙන් බිහිවූ කී‍්‍රඩකයන් වන අතර කුසල් මෙන්ඩිස් සහ ළහිරු තිරිමාන්න වේල්ස් කුමර විදුහලෙන් බිහිවූ කී‍්‍රඩකයෝ වෙති.

තරගාවලියේ අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින තරගය ඩයලොග් වියූ (Dialog ViU) දුරකතන මෘදුකාංගය ඔස්සේ සහ ඩයලොග් ටීවී නාලිකා අංක 140 ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.


ශාන්ත සෙබස්තියන් විදුහලේ කණිෂ්ඨ අංශය භාර හර්මන් එරංග පියතුමා, ශා. සෙබස්තියන් විදුහලේ ක‍්‍රීඩා භාර සමේෂ් ඇන්තනි පියතුමා, ශා. සෙබස්තියන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ශාම් දසනායක පියතුමා, ශා. සෙබස්තියන් විදුහලේ විදුහල්පති සංජීව මෙන්ඩිස් පියතුමා, ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති දිමුතු දෙරන්නාගොඩ මහතා, වේල්ස් කුමර විදුහලේ ක‍්‍රිකට් කමිටුවේ සභාපති ප‍්‍රීති කුමාර ප‍්‍රනාන්දු මහතා, වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් මහින්ද ජයවීර මහතා සහ   වේල්ස් කුමර විදුහලේ ක‍්‍රිකට් සංවිධායක කමිටුවේ ලේකම් සිසිර චන්ද්‍රපාල මහතාද ඡායාරූපයේ සිටිති.

ඡායාරූප සැපයුම - රේඛා තරංගනී ෆොන්සේකා

 


අදහස් (0)

මොරටු රන් මහ සටන 14 - 15

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.