අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව මෙතෝදිස්ත උසස් පාසල අද (2 වැනිදා) සමත් විය.
පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී මීගමුව ලොයොලා එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් මෙතෝදිස්ත ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ.
එහිදී මෙතෝදිස්ත විදුහලේ නවීන් මධුෂංක නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් සහ ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
ලොයොලා විදුහල - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 135
(ශෆ්නි ඩීන් 40, කවිඳු අමරසිංහ 33, දිමුතු සසිමාල් 16, කවින් ප්‍රනාන්දු 14/3, ලක්ෂාන් චාමික 24/2, නවීන් මධුෂංක 30/2, නිම්සර සිල්වා 32/2)
මෙතෝදිස්ත විදුහල - ඕවර 32.2 කදී කඩුලු 6 ක් දැවී 136
(කවින් ප්‍රනාන්දු 19, තිසර ජයංග 20, නවීන් මධුෂංක නොදැවී 57, නෙත්ම හිමරංග 16/3, ශමීන් රවිෂ්ක 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.