(ශානුක අරවින්ද)
කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මැදි විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති 63 වැනි ‘මැංගුස් සටන‘ මහ ක්‍රිකට් තරගය ඉකුත් සෙනසුරාදා (22 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කළුතර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 241 කට පිළිතරු වශයෙන් තිස්ස මැදි විදුහලට ලබාගත හැකි වූයේ ලකුණු 233 ක් පමණි. ඒ අනුව මෙවර තරගයෙන් කළුතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.
එහිදී කළුතර විද්‍යාලය වෙනුවෙන් යුතික සිල්වා (74) සහ තීක්ෂණ පෙරේරා (52) ද, තිස්ස මැදි විදුහල වෙනුවෙන් තෙනුෂ්ක නානායක්කාර (58) සහ මල්ෂ කවිෂාන් (52) ද අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
තිස්ස මැදි විදුහල් කණ්ඩායමේ මලිඳු දිල්ෂාන් ලකුණු 50 කට කඩුලු 4 ක්ද, කළුතර විද්‍යාල කණ්ඩායමේ උදාන් තේජක ලකුණු 38 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූහ.
කළුතර විද්‍යාල පළමු ඉනිම - ඕවර 73.2 කදී සියලු දෙනා දැවී 241
(යුතික සිල්වා 74, තීක්ෂණ පෙරේරා 52, හංසික සිල්වා 36, ලිවිරු ප්‍රනාන්දු 29, මලිඳු දිල්ෂාන් 50/4, නදුන් අසේල 38/3, පී. මිහිරංග 71/2)
තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 95.4 කදී සියලු දෙනා දැවී 233
(තෙනුෂ්ක නානායක්කාර 58, මල්ෂ කවිෂාන් 52, රන්දික මිහිරංග 25, ඉෂාර මලිත් 20, උදාන් තේජක 38/4, හංසක අනූපම 18/2, දිනූක තිසර 74/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.