අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහල අතර මහින්ද රාජපක්ෂ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජාතික පාසල සමත් විය.

එහිදී මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ සත්නිම් සිප්සර (69) අර්ධ ශතකයක් ලබාගත් අතර තේජා ඩීමන් ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගත්තේය.
මහින්ද රාජපක්ෂ ජාතික පාසල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 239
(සත්නිම් සිප්සර 69, ජනුල් රන්ජුල 29, පසිඳු ලක්ෂිත 27, සිහින දෙව්මිත් 35/3, සෙනුර නිලක්ෂණ 03/2)
මෙතෝදිස්ත උසස් විදුහල - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 195
(සිහින දෙව්මිත් 35, සඳුන් තරංග 32, කවීන් අංජන 28, තේජා ඩීමන් 52/5, පසිඳු ලක්ෂිත 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.