(පානදුර සුමිත් ප්‍රේමතිලක)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස අවුරුදු 17 න් පහළ දෙවැනි කාණ්ඩයේ පානදුර රාජකීය සහ වාද්දුව මධ්‍ය විදුහල් අතර පැවතී ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට පානදුර රාජකීය විදුහල සමත්විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් වාද්දු මධ්‍ය විදුහල ඕවර 33 කදී සියලු දෙනා දැවී ලකුණු 111 ක් ලබාගත්තේය.
එම ඉලක්කය ඕවර 28.2 ක් තුලදී කඩුලු 4 ක් දැවී ලබාගැනීමට පානදුර රාජකීය විදුහල සමත්විය.
වාද්දු මධ්‍ය විදුහල ඕවර 33 කදී සියලු දෙනා දැවී 111
(සනිදු මධුසංඛ 18, ලිමල් රොසන්ත 4/2, කවීෂ ආදිත්‍ය 13/2, සෙතික දිල්මිත් 20/2)
පානදුර රාජකීය විදුහල - ඕවර 28.2 කදී කඩුලු 4 ක් දැවී 112
(යසිත් ප්‍රමෝධ්‍ය 37 , ලකිදු චන්චල නොදැවී 31, චන්දුප ධනංජය 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.