Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ප්‍රීමා කුසලාන කොළඹ දකුණට

ප්‍රීමා කුසලාන කොළඹ දකුණට

editorial - 2022 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ‘ප්‍රීමා කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ දකුණු කණ්ඩායම සමත් විය. කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය කොළඹ දකුණ කණ්ඩායම ඕවර 45.5 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. පන්දු 100 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 61 ක් රැස්කළ ආරම්භක පිතිකරු හිරුක සිල්වා සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ උතුර කණ්ඩායමට කොළඹ දකුණු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂාන් නවාංජන නිලකුණු ඕවර 5 ක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

කොළඹ උතුර පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 148 
(රචින්ත ද සිල්වා 45, ඔසඳ ප්‍රමුදිත 35, රෂේන් නවාංජන 20/3, තෙනුෂ යාපා 30/2) 

කොළඹ දකුණ පිල - ඕවර 45.5 කදී කඩුලු 7 ක් දැවී 151 
(හිරුක සිල්වා 61, ලෂේන් ප්‍රනාන්දු 14, තෙවිඳු වේවැල්වල 20, කිත්ම සිත්මාල් 21/2, ළහිරු ලක්මාල් 25/2)

 


අදහස් (0)

ප්‍රීමා කුසලාන කොළඹ දකුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.