අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අතර මොරටුවේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 36 ක ජයක් ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමේ නිෂෙල් හේවාජුලිගේ ලකුණු 22 කට කඩුලු 11 ක් දවාගත් අතර එම විදුහලේම කවිෂ්ක තත්සර ලකුණු 51 ක් රැස්කරමින් ලකුණු 06 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 45  
(නිෂෙල් හේවාජුලිගේ 17/6, නෙතුල් අනුහස් 06/4)
වේල්ස් කුමර විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 28.2 කදී කඩුලු 5 ක් දැවී 112
(කවිෂ්ක තත්සර 51, නික්ෂ පෙරේරා 14/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 31
(නිෂෙල් හේවාජුලිගේ 05/5, කවිෂ්ක තත්සර 06/2, නෙතුල් අනුහස් 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.