අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායමේ චාරත ගුණතිලක (75) අර්ධ ශතකයක් ලබාගත්තේය.
නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 197
(චාරත ගුණතිලක 75, සෙනෙෂ් විජේසිංහ 29, සනිතු හෙට්ටිආරච්චි 28/3, ආමන්ද ප්‍රියෂාන් 27/2)
ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 153
(ටිෂාන් සෙනෙවිරත්න 34, යෙෂාන් විජේසිංහ 30, තිසර දෙව්දුනු 26/3, තෙනුග පෙරේරා 19/2, තිනෙත් සචීතන 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.