
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මනෙව් පරණවිතාන (76) සහ සඳෙව් සමරසිංහ (64) නාලන්දා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 54
(මල්ෂ ප්‍රනාන්දු 09/4, හසිත රත්නායක 06/3)
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 56 කදී කඩුලු 6 ක් දැවී 182
(මනෙව් පරණවිතාන 76, සඳෙව් සමරසිංහ 64, තිළිණ ප්‍රනාන්දු 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.