අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා විදුහලේ අවිෂ්ක පෙරේරා (104) ශතකයක් ලබාගත් අතර සාන්ත තෝමස් විදුහලේ ගවින් බොතේජු (69 නොදැවී 62) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත්තේය.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 71 කදී සියලු දෙනා දැවී 235
(ගවින් බොතේජු 69, උමයංග සුවාරිස් 46, මනීෂ රූපසිංහ 21, කැනිස්ටන් ගුණරත්න 28, යසිරු රොද්‍රිගූ නොදැවි 24, චමෝද්‍ය රූපසිංහ 57/4, රනිඳු ද සිල්වා 27/2, දිනෙත් සමරවීර 40/2)
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 88 කදී සියලු දෙනා දැවී 299
(අවිෂ්ක පෙරේරා 104, රෂාන් දිසානායක 67, මහිම වීරකෝන් 42, රවීන් ද සිල්වා 33, තෙවින් ඊරියගම 39/2, යසිරු රොද්‍රිගූ 68/2, දිල්මින් රත්නායක 81/2)
සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 3 ක් දැවී 158
(ගවින් බොතේජු නොදැවී 62, රයන් ප්‍රනාන්දු 45, දිල්මින් රත්නායක 22)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.