Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මාශෝකය ලකුණු 94 කට දැවී යයි

ධර්මාශෝකය ලකුණු 94 කට දැවී යයි

editorial - 2024 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර අද (30)ආරම්භ කෙරුණු සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයේදී ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 94කට සීමා විය. දිනය අවසන් වන විට දේවානන්ද විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර කඩුලු 8 ක් අතැතිව තිබියදීම ධර්මාශෝක විද්‍යාලයට වඩා ලකුණු 55 ක් ඉදිරියට පැමිණියේය.

සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයකදී ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 100 ට අඩුවෙන් අවසන් වූ  පළමු අවස්ථාව මෙයවේ.

අම්බලන්ගොඩ නගර සභා පිටියේදී ආරම්භ කෙරුණු මේ තරගයේදී කාසියේ වාසිය දිනා ගත් දේවානන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීමට ධර්මාශෝක විද්‍යාලයට ආරාධනා කළේය. ධර්මාශෝක පිතිකරුවන්ට පිටියේ වැඩි වේලාවක් ගතකරන්නට ඉඩ නොදුන් දේවානන්ද පන්දු යවන්නෝ ඕවර 36.1 කදී ධර්මාශෝක ඉනිම ලකුණු 94 කට අවසන් කළහ. දේවානන්ද විද්‍යාලයේ මිනිදු ඕසධ ලකුණු 34 කට කඩලු 5 ක් ද විහග මලිත් ලකුණු 12 කට කඩලු 3 ක් ලබාගත්හ. ධර්මාශෝක විද්‍යාලයේ සෙනරු සඳයුරු ලකුණු 31 ක් ලබා ගත්තේය .

දේවානන්දය වෙනුවෙන් මයුර මල්ෂාන් ලකුණු 70 ක් ලබාගත්තේය.

 

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම - සියලු දෙනා දැවී 94 යි
(සෙනුර සඳයුරු 31, මිනිදු ඕෂධ 34/5, විහග මලිත් 12/3)

දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම කඩලු 2 ක් දැවී 149 යි
(මයුර මල්ෂාන් 70, දනිදු ඉනෝෂ 42, රවිදු ජීවංක නොදැවී 23)


අදහස් (0)

ධර්මාශෝකය ලකුණු 94 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.