Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජය එක්දින තරගයෙන් ජය ලබයි

ධර්මරාජය එක්දින තරගයෙන් ජය ලබයි

editorial - 2023 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර පැවැත්වෙන ‘කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති 34 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල සමත් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස්වුඩ් විදුහලට ඕවර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 227 ක් පමණි.

එහිදී කවිජ ගමගේ ලකුණු 71 ක්ද, අමේෂ් රූපසිංහ ලකුණු 55 ක්ද රැස්කිරීමට සමත් වූ නමුත් ජයග්‍රහණය සඳහා එම ඉනිම් ප්‍රමාණවත් නොවීය. පන්දුවෙන් දස්කම් දැක්වූ දක්ෂික මනුකල්ප ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ධර්මරාජ විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මරාජ විදුහල ඕවර 46.5 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 277 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ පුලිඳු පෙරේරා ලකුණු 117 ක්ද, මලීෂ රාජකරුණා ලකුණු 56 ක්ද රැස්කරමින් ධර්මරාජ ඉනිම සවිමත් කළහ.


ධර්මරාජ විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 277
(පුලිඳු පෙරේරා 117, මලීෂ රාජකරුණා 56, චමත් ඒකනායක 29, රවිඳු බණ්ඩාර 32/3, අමේෂ් රූපසිංහ 49/3)

කිංග්ස්වුඩ් විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 227
(කවිජ ගමගේ 71, අමේෂ් රූපසිංහ 55, අබ්දුල්ලා හකාම් 32, අධෙල් ශෙරීෆ් 20, දක්ෂික මනුකල්ප 32/3)

 


අදහස් (0)

ධර්මරාජය එක්දින තරගයෙන් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.