Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දිසුල - රුක්ෂාන් - උවින් වෙස්ලි විදුහල බේරා ගනිති
මහ ක්‍රිකට් තරග -2023

දිසුල - රුක්ෂාන් - උවින් වෙස්ලි විදුහල බේරා ගනිති

editorial - 2023 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ‘කාට්මන් කුසලාන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඉකුත් සෙනසුරාදා ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 113 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් වෙස්ලි විදුහල, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 260 ක් ලබා සිටියේය.

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී අර්ධ ශතක ලබාගත් දිසුල යාපා (59) සහ රුක්ෂාන් තරංග (53) ඉනිමක පරාජයකින් වෙස්ලි විදුහල බේරාගත්හ. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් උවින් පෙරේරා, දෙවැනි ඉනිමේදීද ලකුණු 49 ක් රැස්කරමින් තරගය ජය පැරදුමකින් තොරව අවසන් කර ගැනීම සඳහා දිසුලට සහ රුක්ෂාන්ට අනගි සහායක් දුන්නේය.

පළමු දිනය වූ සිකුරාදා (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටි වෙස්ලි විදුහලට, චමත් චාතූර්ය ප්‍රමුඛ ශාන්ත බෙනඩික්ට් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දෙවැනි දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 73 ක් පමණි. එහිදී උවින් පෙරේරා ලකුණු 71 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත බෙනඩික්ට් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා වෙස්ලි විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. ඒ වන විට ශාරුජන් ශම්මුගනාදන් නොදැවී ලකුණු 98 ක් ලබා සිටියද, ඉනිම අත්හිටුවීම හේතුවෙන් ඔහුට ශතකයක් ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.


ශාන්ත බෙනඩික්ට් විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 7 ක් දැවී 298
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලු දෙනා දැවී 185
(උවින් පෙරේරා 71, අනුග පැහැසර 40, සනිතු අමරසිංහ 23, චමත් චාතූර්ය 51/4, විහාර අත්තනායක 45/2)

වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 73.3 කදී කඩුලු 8 ක් දැවී 260
(දිසුල යාපා 59, රුක්ෂාන් තරංග 53, උවින් පෙරේරා 49, ලිනාල් සුභසිංහ 21, ජේතන් වියෙමන් නොදැවී 23, දිනත් සෙමිල 31/3, මෙවන් දිසානායක 46/2)


අදහස් (0)

දිසුල - රුක්ෂාන් - උවින් වෙස්ලි විදුහල බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.