Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩී.එස්. නායක සෙන්හස්ගෙන් ද්විත්ව ශතකයක්
18 වැනි ඩී.එස්. - මහානාම රන් සටන

ඩී.එස්. නායක සෙන්හස්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 18 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දින වූ අද (29 වැනිදා) විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ද්විත්ව ශතකයක් ලබාගැනීමට ඩී.එස්. සේනානායක විදුහල කණ්ඩායමේ නායක ගවිරු සෙන්හස් (නොදැවී 200) සමත් විය. 

පන්දු 189 කදී වාර්තා වූ සෙන්හස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 27 ක් ඇතුළත් වූ අතර එහිදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 105.82 ක අගයක් ගත්තේය. සෙන්හස් ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමත් සමග ඉනිම අත්හිටුවීමට ඩී.එස්. සේනානායක විදුහල පියවර ගත් අතර ඒ වන විට ඔවුහු ඕවර 69.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 370 ක් ලබා සිටියහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 55 ක්ව තිබියදී ඩී.එස්. ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටුණු අතර එතැන් පටන් මලිත පෙරේරා (118) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 248 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද සෙන්හස් සමත් විය. 77.63 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමින් පන්දු 152 කදී ලබාගත් මලිතගේ ශතකය හතරේ පහර 16 කින් සමන්විත විය. 

පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනාම විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 94 ක් ලබා, ඩී.එස්. සේනානායක විදුහලට වඩා තවත් ලකුණු 276 ක් පසුපසින් සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 48 ක් ලබා සිටි අතර බිඳවැටුණු කඩුලු 2 ටම හිමිකම් කීමට අක්මාල් ෆස්ලි සමත් විය. 


ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 370 
(ගවිරු සෙන්හස් නොදැවී 200, මලිත පෙරේරා 118, දැහැම් නිර්මාල් 17, චාමික හීනටිගල 69/2, දුවිඳු රණතුංග 80/2) 

මහානාම විදුහල් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 94 
(දුල්නිත් සිගේරා නොදැවී 48, කවිඳු අමනෙත් 14, අක්මාල් ෆස්ලි 35/2) 

(ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ)


අදහස් (0)

ඩී.එස්. නායක සෙන්හස්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.