Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ජයවර්ධනපුර සටන අද - හෙට

ජයවර්ධනපුර සටන අද - හෙට

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර 24 වැනි වරට පැවැත්වෙන ‘ජයවර්ධනපුර සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙම හෙට (6 වැනිදා) සහ අනිද්දා (7 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම වසරේදී ආනන්ද සාස්ත්‍රාල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසිත් මධුෂාන්ට හිමිවී ඇති අතර පියුමාල් දෙව්රංග විසින් ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. චාරුක ඒෂාන් ආනන්ද සාස්ත්‍රාල කණ්ඩායමේ උප නායකයා ලෙසත්, අනුසර ප්‍රනාන්දු ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත් කටයුතු කරති. 

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 23 න් තරග 2 ක (2001 සහ 2002 වසර වලදී) ජය තමන් සතුකර ගැනීමට ආනන්ද සාස්ත්‍රාලය සමත්ව ඇති අතර ශාන්ත ජෝන් විදුහල මේ දක්වා එක් ජයග්‍රහණයක් හො ලබා නොමැත. සෙසු තරග 21 ම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. 

මෙවර තරගවාරයේදී තරග 8 කට සහභාගි වී ඇති ආනන්ද සාස්ත්‍රාලය, පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 5 ක් ලබා ඇත. එහිදී නෙලිත් නිම්දිය ශතකයක්ද, නිතිෂ් කමලසූරිය, ජනිත රුක්ෂාන්, කුසිත් මධුෂාන් සහ පෝෂිත මදනායක අර්ධ ශතක 2 බැගින්ද ලබා ඇත. එම විදුහලේ සදෙව් ඉන්දීප තරග 4 කදී කඩුලු 5 කට වැඩියෙන් දවාගෙන ඇත. 

 

කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාල කණ්ඩායම 
ඉදිරි පෙළ (වමේ සිට දකුණට)
පෝසිත මදනායක, එච්.බී.එස්. ජීවන්ත මහතා (ක්‍රීඩා භාර ආචාර්ය - 19න් පහළ), අයි.යූ. උඩුවන මහතා (ක්‍රීඩා පාලක), බී.එස්. විතානගේ මෙනෙවිය (නියෝජ්‍ය විදුහල්පතිනි), චානුක ඒෂාන් (උපනායක), එම්.ආර්.කේ. ප්‍රියශාන්ත මහතා (විදුහල්පති), කුසිත් මධුෂාන් (නායක), එන්.අයි. වික්‍රමසිංහ මහතා (උප විදුහල්පති), එම්.එස්.සී. ප්‍රනාන්දු මහතා (පුහුණුකරු - 19න් පහළ), එම්.ජී.සී.එච්. බණ්ඩාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය - 19න් පහළ), ඉෂාන් අනුෂ්ක
 
පසුපෙළ (වමේ සිට දකුණට)
බී.සී. ජයමාන්න, ආර්.වී. ප්‍රනාන්දු, එන්.ටී. කමලසූරිය, ඩබ්ලිව්.එල්.එස්. ඉන්දීප, එම්.ඩී.එස්.කේ. තිලකරත්න, එස්.ඒ. අතීෆ්, කේ.එන්. අභිලාෂ්, ජේ.ආර්. වරාවිට, එච්.ඒ.එන්. නිම්දිය, කේ. චතූර් අමා, ඩබ්ලිව්.ජී.එන්.එස්. පෙරේරා, එම්.ඒ.ටී.යූ. යහම්පත්, ඒ. හසාංජන, සී. මිත්සර

 


ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම 
ඉදිරිපෙළ (වමේ සිට දකුණට)
සුමිත් ප්‍රසන්න මහතා (ප්‍රධාන පුහුණුකරු), සඳුන් මෛත්‍රිගේ මහතා (නියෝජ්‍ය විදුහල්පති), පියුමාල් දෙව්රංග (නායක), එස්.ඩී.එන්. ගුණරත්න (විදුහල්පති), අනුසර ප්‍රනාන්දු (උපනායක), එන්. විජේරාම (ක්‍රීඩා භාර ආචාර්ය සහ ක්‍රීඩා පාලක), ඕභාෂ තොටවත්ත, රොනිල ගුණතිස්ස (සහකාර පුහුණුකරු) 
   
පසුපෙළ (වමේ සිට දකුණට)
ඩබ්ලිව්. කණිෂ්ක කල්හාර, ඩබ්ලිව්. ඒ. තිෂාන් දමිඳු, අයි. කේසර හිමේෂ්, ඒ.ඩී. අකිංස ඩිල්ෂාන්, ඩබ්ලිව්.ඒ.ඩී. වෝචන ලක්ෂාන්, ඩී.ඒ. ඉමෙත් සත්සිලු, එස්.ඩබ්ලිව් ජනිත් තීක්ෂණ, එම්. මිෂාල්, පී.එම්. දුලාර පලිස්කාර, ඒ.එන්. සඳුන් දෙව්මිණ


අදහස් (0)

ජයවර්ධනපුර සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.