Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කුලරත්න - තක්ෂිලා අද අවසන් තරගයේ

කුලරත්න - තක්ෂිලා අද අවසන් තරගයේ

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේදී අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල තරග වදිති. මෙම තරගය හෙට (14 වැනිදා) කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙයි. පසුගිය වසරේදීත් මෙම විදුහල් දෙකම අවසන් මහ තරගය සඳහා මුහුණ දුන් නමුත් තරගයේ විසඳුමක් නොතිබූ බැවින් දෙපිලම සම ශූරයන් ලෙසින් නම්කරන ලදි.

පාසල් කණ්ඩායම් 17ක් සහභාගි වූ මේ වසරේ ‘බී’ කාණ්ඩයේ තරගාවලිය කොටස් 2 කින් පැවැත්විණ.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලය එතැන් සිට ගම්පහ බණ්ඩාරනායක විදුහලත් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයත් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. තමන්ගේ කොටසේ පෙරමුණ ගෙන සිටි තක්ෂිලා විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කරමින්ද, අවසන් පූර්ව වටයේදී ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය පරාජය කරමින්ද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම හිරුෂ දෙව්මික විසින් මෙහෙයවනු ලබයි. අංජන ජයලත් හොරණ තක්ෂිලා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරයි.


හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය සංචිතය:
අංජන ජයලත් (නායක), රෂාන් නවාංජය, දේශාන් දිල්මිත්, ලහිරු අවිශ්ක, හර්ෂණ පෙරේරා, දීමන්ත දිනුජය, සන්දිත් රණවීර, චමෝද් මිහිරාන්, චිරන්ත දෙව්රුවන්, ජනිත් ධනංජය, සනීර මිහිසර, සහන් දිව්‍යානංජය, නවෝද්‍ය ගිම්හාන, ප්‍රමේෂ් ධනංජය, සෙවින් දිසානායක, ජයෝද් චානුක,
පී.ඒ. යද්දෙහිගේ (කණ්ඩායම භාර ආචාර්ය), සංජය දිසානායක (ප්‍රධාන පුහුණුකරු), උදාර මද්දුමගේ (සහාය පුහුණුකරු) සහ කසුන් මධුරංග (සහාය පුහුණුකරු)

පී.ද එස්.කුලරත්න ම.වි. අම්බලන්ගොඩ සංචිතය:
හිරුෂ දෙව්මික (නායක), රවිශාන් නෙත්සර, ලසෙන් වනිඳු, මහීෂ ප්‍රභාෂණ, ධනුෂ්ක මධුසංඛ, සසිඳු කෞෂාන්, මතීෂ දුලංජන, අකිල චතුරංග, අසින්ත රශ්මික, ජනිඳු චාමික, ශකිල හංසක, භානු ද සිල්වා, ඔසඳ ටෙෂාන්, සසිඳු ගුණරත්න, ශවිඳු ආකාෂ් සහ මොවිඳු විනෝද්,
ගාමිණී ද සිල්වා (සම්බන්ධීකරණ නිලධාරී), ආර්.එම්.එස්. සොයිසා (කණ්ඩායම භාර ආචාර්ය), ජයන්ත ජයවීර (ප්‍රධාන පුහුණුකරු), ලහිරු ශානික (සහාය පුහුණුකරු) සහ ලකිල ටෙහාන් (සහාය පුහුණුකරු)

 

 


අදහස් (0)

කුලරත්න - තක්ෂිලා අද අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.