අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල සහ මීගමුව හරිෂ්චන්ද්‍ර ජාතික පාසල අතර ක්‍රිස්තු රාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 161 ක ජයක් අත්කර ගැනීමට ක්‍රිස්තු රාජ විදුහල සමත් විය.
එහිදී ක්‍රිස්තු රාජ විදුහලේ රෂ්මික හිරුෂාන් (60) සහ ක්‍රිෂාන් රාජ්කුමාර් (නොදැවී 50) අර්ධ ශතක ලබාගත් අතර නදුක නෙත්මින ලකුණු 22 කට කඩුලු 6 ක් දවාගත්තේය.
ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 228
(රෂ්මික හිරුෂාන් 60, ක්‍රිෂාන් රාජ්කුමාර් නොදැවී 50, ඉනෝෂ් ආකර්ෂණ 43, මිනුර මින්සර 63/4)
හරිෂ්චන්ද්‍ර ජාතික පාසල - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 67
(නදුක නෙත්මින 22/6, අමීෂ දිදුරංග 16/2, අනෝෂ් ආකර්ෂණ 04/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.