අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ අශෝක විදුහල සහ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල අතර ක්‍රිස්තු රාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 69 ක ජයක් අත්කර ගැනීමට ක්‍රිස්තු රාජ විදුහල සමත් විය.
එහිදී ක්‍රිස්තු රාජ විදුහලේ රෂ්මික නෝනිස් නොදැවී ලකුණු 107 ක් රැස්කරමින් සහ ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
අශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 125
(නිපුන ප්‍රමුදිත 50, සනුෂ් මදූෂ 37, අමීෂ දිදුරංග 43/3, රාජ්කුමාර් සූරියාරච්චි 16/2, රෂ්මික නෝනිස් 23/2)
ක්‍රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 114 කදී කඩුලු 9 ක් දැවී 312
(රෂ්මික නෝනිස් නොදැවී 107, දර්ශන චතුරංග 68, හිරුෂාන් පෙරේරා 47, විහඟ කුමාර 68/5, රාහුල් චන්ද්‍රසේකර 119/2)
අශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 118
(සහන් විමුක්ති 39, සුදීර පෙරේරා 14/4, ඉරුෂාන් පෙරේරා 16/2, අමීෂ දිදුරංග 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.