අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර බලපිටිය පුහුණු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 351 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත් විය.
එහිදී කරන්දෙණිය මැදි විදුහලේ සමිත් ඉසුරු ලකුණු 128 ක් රැස්කරමින් සහ ලකුණු 45 කට කඩුලු 6 ක් දවාගනිමින් පිතිතෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
කරන්දෙණිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 26.3 කදී සියලු දෙනා දැවී 150
(හංසමාන ද සිල්වා 41, නිර්මාල් යෂෝද් 27, තිලිණ හසින්ත 20, සුදේෂ් ලක්ෂාන් 42/2, කවීෂ හිමාෂ 22/2, කුෂාන් මෙනුජක 34/2)
රේවත විදුහල් පළමු ඉනිම - ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 61
(තිලිණ හසින්ත 07/3, හංසමාන ද සිල්වා 12/2, සමිත් ඉසුරු 15/2 මනේෂ මදුභාෂිත 27/2)
කරන්දෙණිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61.5 කදී සියලු දෙනා දැවී 364
(සමිත් ඉසුරු 128, දිනේෂ් මධුෂංක 61, ජනිත් කෞෂාල් 56, දිලීප් ජයකොඩි 36, සුදේෂ් ලක්ෂාන් 106/6, අචින්ත රමේෂ් 86/2)
රේවත විදුහල් දෙවැනි ඉනිම - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 102
(චාමර ධනෂංක 22, කමේෂ් චතුරංග 21, සමිත් ඉසුරු 30/4, දේෂාන් සසින්ත 17/3, මනීෂ මදුභාෂිත 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.