Last Update  :  2024-05-14 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කන්ද උඩරට නිල්මහ සටන 21-22

කන්ද උඩරට නිල්මහ සටන 21-22

editorial - 2023 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට නිල් මහා සටන නම් විරුදාවලිය ලත් මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර 104වැනි මහා ක්‍රිකට් තරගය මේ මස 21 සහ 22 යන දෙදින කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දෙවිදුහල අතර මෙතෙක් පවත්වා ඇති මහ ක්‍රිකට් තරග අතුරින් තරඟ 23ක ජය ත්‍රිත්ව විදුහල විසින්ද තරග 12ක ජය ශාන්ත අන්තෝනි විදුහල විසින්ද වාර්තා කොට තිබේ. ත්‍රිත්ව විදුහල අවසන් වරට මෙහි පූර්ණ ජයක් වාර්තා කොට ඇත්තේ 2012 වසරේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතුව වන අතර ශාන්ත අන්තෝනි විදුහල අවසන් වරට ජය වාර්තා කර ඇත්තේ 1992 වසරේදී උමේෂ් ද අල්විස්ගේ නායකත්වයෙන් යුතුවය.

ත්‍රිත්ව විදුහල මේ තරග වාරයේ තරග 18 කට මුහුණ දී ඉන් තරග 07ක් පුර්ණ ජය වාර්තා කර අනෙකුත් තරඟ ජය පැරදුමෙන් තොරව නිමාකොට තිබේ. ඔවුන් එහිදී රාජකීය විදුහල දෙවරක්ම පරාජය කිරීම විශේෂ සිදුවීමක් වන අතර ආනන්ද විදුහල, ධර්මරාජ විදුහල, ගුරුකුල විදුහල,දේවපතිරාජ විදුහල සහ මලියදේව විදුහල ත්‍රිත්ව විදුහලෙන් පරාජය ලැබූ අනෙකුත් පාසල් වේ.

ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වා ඇති දිනූක පිරිස් සහ රහල් අමරසිංහ යන ක්‍රීඩකයන් දෙදෙනා ලකුණු 900 සීමාව ඉක්මවා ගොස් සිටී .

ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වා ඇති දිනුක තෙන්නකෝන් කඩුළු 90 ක් ද තරණ විමලධර්ම කඩුලු 81ක්ද වාර්තා කොට තිබේ.

ත්‍රිත්ව විදුහලේ මනුල කුලරත්න සහ තීරක රණතුංග යන ක්‍රීඩකයන් දෙදෙනා වයස 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරයි.

ශාන්ත අන්තෝනි විදුහල මේ තරග වාරයේ තරග11කට මුහුණ දී ඉන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර පැවැති තරග 05 පූර්ණ ජය වාර්තා කර තිබේ.

ශාන්ත අන්තෝනි පිලේ නායක ලහිරු අබේසිංහ සහ උපනායක ට්‍රවින් මැතිව් යන ක්‍රීඩකයින් දෙදෙනා වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

අන්තෝනි පිල වෙනුවෙන්පිත්තෙන් දස්කම් දක්වා ඇති නායකලහිරු අබේසිංහමේ තරග වාරයේ ලකුණු 675 ක් රැස්කර ඇත. කවිඳු ෂෙහාන් ලකුණු 600ක් වාර්තා කර තිබේ.

අන්තෝනි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වා ඇති කවීෂ පියුමාල් කඩුලු 62 ක් සහ තිසර ඒකනායක කඩුලු 60ක් වාර්තා කර තිබේ. කවිශ පියුමාල්ගේ එම කඩුළු ගණනට කඩුලු 10ක් ලබාගත් එක් අවස්ථාවක් සහ පහක් ලබාගත් අවස්ථා තුනක් වාර්තා වේ. තිසර ඒකනායකගේ කඩුලු දඩයමට කඩුලු 10 ක් ලබා ගත් අවස්ථා දෙකක් සහ කඩුලු පහක් ලබා ගත් අවස්ථා හයක් වර්තා වේ.

කණ්ඩායම් දෙකේ මේ තරග වාරයේ දස්කම් සංසන්දනය කිරීමේ දී ත්‍රිත්ව විදුහලට වැඩි වාසි තිබුණද ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනයේ වාසිය ලබා ගනිමින් අන්තෝනි ක්‍රීඩකයන් ද තරගය අත්නොහරින බැවින් කරට කර තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

ත්‍රිත්ව සංචිතය -රහල් අමරසිංහ (නායක), විභාවිත් ඇහැලේපොළ (උපනායක) ලක්වින් අබේසිංහ, සුපුන් වඩුගේ, ජයවි ලියනගම, කුසල් විජේතුංග, වතිල උදාර, ජනිත් වර්ණකුල, දිනුශ පීරිස්, තීරක රණතුංග, තරණ විමලධර්ම, දිනූක තෙන්නකෝන්, මනුල කුලරත්න, කෙවින්ගමගේ, වාදුකදම්මගේ, ගිය යෙවාන් හුලංගමුව.

 

 


ශාන්ත අන්තෝනි සංචිතය-
ඉදිරි පෙළ- ප්‍රියන්ත කුමාර මහතා (උපදේශක), සුසන්ත බස්නායක මහතා (ප්‍රධාන පුහුණුකරු කනිෂ්ඨ), මොහොමඩ් ආඛිල්, ජොසප් මයිකල් පියතුමා (ක්‍රීඩා සම්බන්ධීකාරක), ලහිරු අබේසිංහ (නායක), හෙන්රි බර්නාඩ් විජේරත්න මහතා (විදුහල්පති), ට්‍රිවින් මැතිව් (උපනායක), නාලක සංජීව මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ලෙනින් ජයසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

පසු පෙළ- චාරුක ඒකනායක, ජනුක රත්නායක, යු.පී. බීශ්මාන්, රවිඳු කස්තුරිආරච්චි, සෙනුර අබේසේකර, රයන් ඇන්තෝනිස්, දසුන් වැලිඅංග, ජනිත් රත්නසිරි, දිනුර ගනේගොඩ, ඉඳුවර ගලපිටගේ, කවීෂ පියුමාල්, නික් ෆොන්සේකා, තිසර ඒකනායක...

 


අදහස් (0)

කන්ද උඩරට නිල්මහ සටන 21-22

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.