Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School එක්දින තරගයේ ජය සර්වේෂස් විදුහලට

එක්දින තරගයේ ජය සර්වේෂස් විදුහලට

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන ‘රුහුණු නිල් මහ සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති 23 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 157 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත තෝමස් විදුහලට විරාන් චමුදිත ප්‍රමුඛ ශාන්ත සර්වේෂස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 27.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 64 ක් පමණි.

ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ චමුදිත, ලකුණු 14 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ශාන්ත තෝමස් ඉනිම සුනුවිසුණු කර දැමුවේය. ශාන්ත තෝමස් පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් ලබාදුන් තිසන් දෙව්මිත් ලකුණු 6 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සර්වේෂස් විදුහල ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබා ගත්තේය. එහිදී දිනිරු අබේවික්‍රමසිංහ (64) සහ කුෂාන් විජේරාම (58) අර්ධ ශතක ලබාගනිමින් සර්වේෂස් ඉනිම සවිමත් කළහ.


ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 211
(දිනිරු අබේවික්‍රමසිංහ 64, කුෂාන් විජේරාම 58, මිතිල චාල්ස් 32, පෙසඳු සංජන් 39/4, ලෝෂිත දික්සිත් 38/3)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 64
(පෙසඳු සංජන් 12, විරාන් චමුදිත 14/5, තිසන් දෙව්මිත් 06/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය සර්වේෂස් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.