Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School එක්දින තරගයේ ජය ශාන්ත සිල්වෙස්ටර් විදුහලට

එක්දින තරගයේ ජය ශාන්ත සිල්වෙස්ටර් විදුහලට

editorial - 2023 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පැවැත්වෙන ‘සුරතලුන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති 34 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය විද්‍යාර්ථ විදුහලට ඕවර 42.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිෂ්ක ඉමේෂ් ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත් අතර ඛනක වික්‍රමසිංහ සහ මලිත් ලක්ෂාන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඉමේෂ්ට අනගි සහායන් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සිල්වෙස්ටර් විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 243 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ චාරුක අයේෂාන් ලකුණු 109 රැස්කරමින් ශාන්ත සිල්වෙස්ටර් ඉනිම සවිමත් කළේය.

 
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 243
(චාරුක අයේෂාන් 109, මලිත් ලක්ෂාන් 39, යෝෂිත ඉසුරංග 23, සහන් දිසානායක 20, දනූප කොඩිකාර 33/2, චමල්ක බණ්ඩාර 49/2)

විද්‍යාර්ථ විදුහල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 135
(සහන් දිල්හාර 45, කවිෂ්ක ඉමේෂ් 11/3, ඛනක වික්‍රමසිංහ 23/2, මලිත් ලක්ෂාන් 33/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය ශාන්ත සිල්වෙස්ටර් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.