Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඇතුගල්පුර සටන 5 - 6 වෙලගෙදර පිටියේදී

ඇතුගල්පුර සටන 5 - 6 වෙලගෙදර පිටියේදී

editorial - 2024 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න)

වයඹ පළාතේ පාසල් දෙකක් අතර වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රධානම දෙදින ක්‍රිකට් තරඟය ලෙස හැඳින්වෙන කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා විදුහල් අතර "ඇතුගල්පුර සටන" මහා ක්‍රිකට් තරඟය මෙම මස 5 සහ 6 දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරඟාවලිය මලියදේව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන අතර දෙදින තරඟයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් දරනු ලබයි. 

වර්ෂ 1959 දී ආරම්භ කරන ලද ඇතුගල්පුර ක්‍රිකට් තරඟාවලියේදි මලියදේව විදුහල අවස්ථා 6 කදී ජයග්‍රහණය කර ඇතත් ශාන්ත ආනා විදුහලට මෙතෙක් එක තරඟයක්වත් ජය ගැනීමට හැකියාවක් ලැබී නැත. මලියදේව විදුහල 1959, 1960 , 1964 ,  2013 , 2014 , 2022 යන වසර වලදී එම ජයග්‍රහණ ලබා ඇත.

විදුහල් දෙක අතර මෙතෙක් පැවති ක්‍රිකට් තරඟ වලදී වැඩිම කණ්ඩායම් ලකුණු ලෙස මලියදේව විදුහල වසර 2020 දී කඩුලු 6 ක් දැවී ලකුණු 331ක් ලබා තිබේ. ශාන්ත ආනා විද්‍යාලයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් 2017 දී කඩුලු 7 ක් දැවී ලබාගත් ලකුණු 307 වාර්තාවේ.

ඉනිමකදී වැඩිම  ලකුණු ලබාගත් පිතිකරුවා වන්නේ 1980 වසරේදී  මලියදේව විදුහලේ නායකත්වය දැරූ සුදර්ශන ගුරුගේ නොදැවී ලබා ගත් ලකුණු 156 යි.

තරඟයකදී ලබාගත් අඩුම කණ්ඩායම් ලකුණු වන්නේ මලියදේවය වසර 2018 දී ලකුණු 86 කට දැවී යාමයි. වර්ෂ 1960 දී  ශාන්ත ආනා විදුහල ලකුණු 40 කට දැවී ගොස් ඇත.

හතළිස් වන වරටද පැවැත්වෙන මෙවර තරඟාවලියේ මලියදේව නායකත්වය පස්වන වසරේ වර්ණලාභී දක්ෂ ක්‍රීඩකයෙකු වන ගයන වීරසිංහත් , ශාන්ත ආනා විදුහලේ නායකත්වය පස්වන වසරේ වර්ණලාභී දක්ෂ ක්‍රීඩකයකු වන මහිම කොටුවිල විසින්ද දරති. නායකයින් දෙදෙනාම තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයින් වීමද විශේෂත්වයකි.

මලියදේව නායක ගයන වීරසිංහ මෙවර පාසල් ක්‍රිකට් තරඟ වාරයේදී ලකුණු 1000 පසු කළ ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයකි. මලියදේව පාසල් ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි දස්කමක් පෙන්වූ තෙවන ක්‍රීඩකයා ගයනය. ඔහු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ කැළණිය ගුරුකුල විදුහලට එරෙහිව ලබා ගත් ලකුණු 153 යි. එසේම දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකුද වන ගයන පාසල් තරඟ වාරයේදි ප්‍රතිවාදි කණ්ඩායම් වල කඩුළු 20 ක්ද බිඳ හෙලා තිබේ.

ඔහුට අමතරව මලියදේවයේ උප නායකයා ලෙස කටයුතු කරන දෙවන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන චන්දූප අබේසිංහද කණ්ඩායමේ සිටින දක්ෂම ක්‍රීඩකයෙකි. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරඟ වලදී තරඟ 12 කට සහභාගිවී පිත්තෙන් ලකුණු 386 ක් රැස්කරගත් අයෙකි. මීට අමතරව පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම්   පෙන්වන දමිත් අබේසිංහ , විනුක ගලප්පත්ති , දිමන්ත අරෝෂ මලියදේවයේ සිටින තරඟයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයින් ලෙස සැලකේ.

මෙවර ශාන්ත ආනා විදුහලේ නායකත්වය දරන මහිම කොටුවිලද පිත්තෙන් පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද දස්කම් පෙන්වා ඇති ක්‍රීඩකයෙකි. දක්ෂ දකුණත් පිතිකරුවෙකු වන මහිම මෙවර පාසල් තරඟ වාරයේදි ලකුණු 353 ක් රැස් කරගෙන සිටින ක්‍රීඩකයෙකි. කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ලකුණු ලකුණු 86 ක් සහ මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 61 ක්ද ඔහු වාර්තා කර තිබේ.

නායකයාට අමතරව උප නායකයා වන බුද්ධිම නන්දසිරිද කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙකුවේ. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා සේම කඩුළු රකින්නාද වන ඔහු පන්දුවට පහර දෙමින් පාසල් තරඟ වාරයේදී පිත්තෙන් ලකුණු 395 ක් රැස්කරගෙන සිටින ක්‍රීඩකයෙකි. එසේම වේග පන්දුවෙන් කඩුලු 17 ක් බිඳ හෙලා සිටින ගීතික ද සිල්වා සහ පිතිකරුවන් ලෙස කටයුතු කරන චමිත් සසෙන්ජන , යස්මිත් ජයසුන්දර , ගීතික ද සිල්වා , කෙවින් නානායක්කාර මෙවර මලියදේව විදුහලට තර්ජනයක් වනු ඇත.

 

මලියදේව කණ්ඩායම :-
ඉදිරි පෙළ වමේ සිට - 
මාලික හුණුකුඹුර (ප්‍රධාන පුහුණුකරු ) , සුරංග කරුණාතිලක (ක්‍රිකට් සම්බන්ධීකාරක) , අකලංක ගමගේ , චන්දූප අබේසිංහ (උපනායක) , සී.කේ.මහමිතව (විදුහල්පති) , ගයන වීරසිංහ (නායක) , උපුල් ගුණතිලක (නියෝජ්‍ය විදුහල්පති ක්‍රීඩා විෂය සමගාමී) , තුසිත අමරවංශ (ක්‍රිකට් බාර ආචාර්ය) , ජාලිය මධුසංක (සහාය පුහුණුකරු) .

දෙවන පෙළ වමේ සිට :- 
ඊමන්ත හිම්සර , රවිඳු පේෂල , විනුක ගලප්පත්ති , ප්‍රවීන් රුකුණායක , අර්ජුන් සත්සර , පැහැසර බණ්ඩාර , සන්දීප බණ්ඩාර , ඔීලිත නෙරන්ජන් , ආකාෂ් අබේරත්න.

පසු පෙළ වමේ සිට :-
කවීෂ බාලසූරිය , ගිහාන් ද සිල්වා , තේමිය මිස්සක , දිමත් අබේසිංහ , දිනෙත් අමරසිංහ , දම්ලත් ගමගේ , සදෙව් හේවාවිතාරණ , දිමන්ත අරෝෂ.

 

ශාන්ත ආනා කණ්ඩායම :-
ඉදිරි පෙළ වමේ සිට :-
ඩිල්ෂාන් ගල්කැටිය (ප්‍රධාන පුහුණුකරු) , නිහාල් සී. දිසානායක (ක්‍රිකට් බාර ආචාර්ය) , චමිත් සසෙන්ජන , මහිම කොටුවිල (නායක) , චන්දන හපුආරච්චි සහෝදරතුමා (විදුහල්පති) , රොහාන් ඩයස් සහෝදරතුමා ( ක්‍රීඩා බාර ආචාර්ය) , බුද්ධිම නන්දසිරි (උපනායක) , ගීතික ද සිල්වා , නෙල්සන් කෙනඩි (සහාය පුහුණුකරු) .

දෙවන පෙළ වමේ සිට :-
චානියල් ඩෙමෝර් , කෙවින් නානායක්කාර , දිනුග අබේසේකර , ඔීෂධී කොඩිකාර , යෂ්මිත් ජයසුන්දර , බසීර් ෂකීල් , සදෙව් බණ්ඩාර , කුෂාන් සුබසිංහ , යසිරු ගම්පහ , වගීෂ රණසිංහ .

පසු පෙළ වමේ සිට :-
ජනිත් වීරමුණි , නදීක ලොකුවැල්ල , සනුජ දිසානායක , ෂෙහාන් කුමාර , මනුජ විජේරත්න , දිලීප ගුණවර්ධන.


අදහස් (0)

ඇතුගල්පුර සටන 5 - 6 වෙලගෙදර පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.