වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහල, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, පානදුර රාජකීය විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහලට එරෙහිව පී. ද එස්. කුලරත්න විදුහල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීද, පානදුර රාජකීය විදුහලට එරෙහිව මාතලේ ශාන්ත තෝමස් විදුහල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදීද මේ මස 24 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතය.
එම තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් අතර අවසන් මහ තරගය මේ මස 29 වැනිදා කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කටයුතු යොදා ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී ජයවර්ධනපුර මැදි විදුහල විසින් කෝට්ටේ ජනාධිපති විදුහලද, පී. ද එස්. කුලරත්න විදුහල විසින් බලපිටිය රේවත විදුහලද, පානදුර රාජකීය විදුහල විසින් ගම්පහ බණ්ඩාරනායක විදුහලද, ශාන්ත ජෝෂප් විදුහල විසින් හොරණ තක්ෂිලා විදුහලද පරාජය කරනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.