අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හික්කඩුව ශ්‍රී සුමංගල මැදි විදුහල සහ ගිරිඋල්ල වික්‍රමශීලා මහ විදුහල අතර සුමංගල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට සුමංගල මැදි විදුහල සමත් විය.
එහිදී සුමංගල මැදි විදුහලේ විනෝද් ධනුෂ්ක ලකුණු 40 ක් රැස්කළ අතර එම විදුහලේම හිමාල් හංසක ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත්තේය.
සුමංගල මැදි විදුහල - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 190
(විනෝද් ධනුෂ්ක 40, රන්සර දේෂාන් 28, රසාංග තේජාන් 26, සචික විනෝද් 20, අකලංක දිසානායක 43/3, සිතඟ ධර්මසිරි 32/2)
වික්‍රමශීලා මහ විදුහල - ඕවර 26 කදී සියලු දෙනා දැවී 126
(ලහිරු බණ්ඩාර 31, අකලංක දිසානායක 20, හිමාල් හංසක 44/3, රසාංග තේජාන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.