Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ (ඒ තලයේ) අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (8 වැනදා) කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ඇරඹේ. කණ්ඩායම් 18 ක් සහභාගී වූ 2024 - 25 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමගින් කොළඹ රාජකීය විද්‍යාලය තරග වදී.
අර්ධ අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත්, තම සම්‍දායික ප්‍රතිවාදීන් වන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් කොළඹ රාජකීය විද්‍යාලයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. එහෙත් කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වූ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇති වූ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ගනු ලැබූ තීරණයට එරෙහිව කොළඹ මහානාම විද්‍යාලය අධිකරණයේ සහාය පැතීය. එම නිසා රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය මාස කිහිපයකට පසුව පසුගිය සතියේදී පැවැත්විණ.
අවසන් පූර්ව තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් කොළඹ රාජකීය විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
හෙට ආරම්භ වන අවසන් තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය රයන් දිසානායක විසින් මෙහෙයවනු ලබයි. රාජකීය විද්‍යාලයේ නිත්‍ය නායක රමිරු පෙරේරා මෙන්ම විමත් දින්සර ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතවීම නිසා රාජකීය පිල මෙහෙයවීමේ වගකීම රෙහාන් පීරිස් වෙත පැවරී තිබේ.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සංචිතය:
රයන් දිසානායක (නායක), අදේෂ් අල්මේදා (උප නායක), නවෝද් ප්‍රනාන්දු, උෂේන් සිල්වා, මලින්ත සිල්වා, කවීෂ පෙරේරා, ෂෙෆාන් ප්‍රනාන්දු, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, ෂෙනූෂ් ප්‍රනාන්දු, ආකාෂ් දිසානායක, මෙසොන් ෆර්ඩිනැන්ඩෝ, ෂෙනාස් හසේන්, ලෂේන් ප්‍රනාන්දු, රිසිනු ප්‍රබේෂ්, සෙන්දිනු පීරිස් සහ ෂෙනොන් ද සිල්වා
කනිෂ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), පසන් වනසිංහ (ප්‍රධාන පුහුණුකරු), මොහොමඩ් අසාර් (සහාය පුහුණුකරු). පුබුදු ප්‍රභාත් (සහාය පුහුණුකරු), කැළුම් පෙරේරා (සහාය පුහුණුකරු)
කොළඹ රාජකීය විද්‍යාලයීය සංචිතය:
රමිරු පෙරේරා (නිත්‍ය නායක), රෙහාන් පීරිස් (නායක), රනුක මලවිආරච්චි, යසිඳු දිසානායක, ඉසුල ගීගනගේ, යෙනුල බණ්ඩාර, විමත් දින්සර, කාලීඩ් රහීම්ඩීන්, හිරුන් ලියනාරච්චි, සඳුල් අබේවර්ධන, රයන් සුගතදාස, අනුෂ් පොලොන්නෝවිට, කුචිල රන්මණ්ඩල, ෂේන් අබේරත්න, දුෂේන් උඩවෙල, තරුල් අම්පෙමොහොට්ටි, චනිතු කංකානම්ගේ, තෙවිඳු වේවැල්වල, අනික් ප්‍රනාන්දු සහ උදන්ත ගඟේවත්ත,
සඳුන් වීරසූරිය (ක්‍රිකට් භාර ආචාර්ය), ගාමිණී පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු, (සහාය පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.