අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 173 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල් අයොන් හේසර (103) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම සිතුම් අකලංක ලකුණු 83 කට කඩුලු 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී 232
(අයොන් හේසර 103, සිතුම් අකලංක 49, දුලාජ් අෂේන් 20, වරුණ උදාර 45/3)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී සියලු දෙනා දැවී 64
(සිතුම් අකිලංක 16/7, මලීෂ දේෂාන් 02/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී කඩුලු 7 ක් දැවී 141
(අයොන් හේසර 58, දුලාජ් අෂේන් 20, සිනෙත් වීරසූරිය 54/4)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී සියලු දෙනා දැවී 136
(කුෂාන් භානුක 73, සිනෙත් වීරසූරිය 22, සිතුම් අකලංක 67/5, දුලාජ් අෂේන් 18/2, ඉසුරු සම්පත් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.