අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සහ හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල අතර ශ්‍රී සුමංග විදුහල ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී සුමංගල විදුහලේ නෙතුල් අනුහස් ලකුණු 23 කට කඩුලු 6 ක් දවාගත්තේය.
වේල්ස් කුමර විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලු දෙනා දැවී 141
(කවිෂ්ක තත්සර 23, සුහාෂ් රණවන 20, නාමල් කවීෂ 25/3, තරූ ගෞතම් 31/3, රවිඳු තීක්ෂණ 14/2, දනීෂ මහිම 40/2)
ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලු දෙනා දැවී 112
(විනෝද් දනුෂ්ක 42, රවිඳු තීක්ෂණ 36, නෙතුල් අනුහස් 23/6, මිෂෙල් හේවාජුලිගේ 13/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.