අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර හොරණ ශ්‍රී පාලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 37 ජයක් අත්කර ගැනීමට රාජසිංහ මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජසිංහ මැදි විදුහලේ දිනුක ලක්ෂාන් (82) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ඉසුරු උදාන ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගත්තේය.
රාජසිංහ මැදි විදුහල - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 219
(දිනුක ලක්ෂාන් 82, චමෝද් සංජය 48, විහඟ පතිරණ 33/4)
ජනාධිපති විදුහල - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 182
(ඉනුෂ උමයංගන 63, ගවීන් විජිත 21, ඉසුරු උදාන 32/3, මනේෂ් කුලරත්න 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.