අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුලීගොඩ මාදම්පා මැදි විදුහල සහ බලපිටිය සිද්ධාර්ථ විදුහල අතර මාදම්පා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 63 ක ජයක් අත්කර ගැනීමට මාදම්පා මැදි විදුහල සමත් විය.
එහිදී මාදම්පා විදුහලේ චමෝද් ද සිල්වා (නොදැවී 95) සහ කවිෂ්ක ද සිල්වා (නොදැවී 50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම මල්ෂ තරුපති ලකුණු 119 කට කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවිමක නිතර විය.
මාදම්පා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 241
(චමෝද් ද සිල්වා නොදැවී 95, සචින් දිල්හාර 46, සුනෙත් මෙන්ඩිස් 20, දිල්ෂාන් ද සිල්වා 88/3, කවිෂ්ක දිල්ෂාන් 18/2, ප්‍රසන්න කුමාර 68/2)
සිද්ධාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 226
(ප්‍රභාත් අර්ජුන 49, සෙනෙත් අවිෂ්ක 41 ප්‍රසන්න කුමාර 40, නදීෂ විරාජ් 25, මල්ෂ තරුපති 60/5, චවිඳු ද සොයිසා 26/2)
මාදම්පා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56 කදී සියලු දෙනා දැවී 188
(කවිෂ්ක ද සිල්වා නොදැවී 50, සුනෙත් මෙන්ඩිස් 38, චමෝද් දිල්හාර 29, නදීෂ විරාජ් 42/2)
සිද්ධාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 140
(දිල්ෂාන් ද සිල්වා 51, ප්‍රසන්න කුමාර 27, මල්ෂ තරුපති 59/5, සවිදු ද සොයිසා 42/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.