(නාමල් පතිරගේ )
කොළඹ කෝල්ට්ස් පිටියේදී අද (27) ආරම්භ වූ 47 වැනි කෝට්ටේ සටන මහ තරගයේ දිනය නිමාවේදී කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල වඩාත් ප්‍රබල තත්වයක පසුවෙමින් කඩුළු හයක් දැවී ලකුණු 161ක් රැස් කර තිබුණි.ඒ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල පළමුව පන්දුවට පහර දෙමින් සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු 111ට පිළිතුරු ලෙසිනි.
එහිදී සී.එම්.එස්.කණ්ඩායමේ කඩුලු රකින්නා වන දහම් කෞෂල්‍ය පන්දු 72 කදී වේගවත් ලකුණු 85 ක් රැස් කිරීමට සමත් විය.ඒ හයේ පහර පහක් හා හතරේ පහර අටක් සමගිනි.ඒ හේතුවෙන් සී.එම්.එස්.විදුහල එක් අවස්ථාවකදී ලකුණු 34 කට කඩුළු පහක් දැවී පත්ව තිබූ අසීරු තත්වයෙන් මුදවා ගැනීමටද ඔහු සමත් විය.ඒ හය වැනි කඩුල්ලට ප්‍රමෝදර සත්සර හා ලකුණු 127 ක සබදතාවයක්ද ගොඩ නගමිනි.
අද (28) තරගයේ දෙවැනි (අවසන්) දිනයි
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සියළු දෙනා දැවී 111
( චමිදු රන්සර 10, නෙත්සර කාව්‍ය 46, අවිනාශ් පෙරුමාල් 12, දිමිත්‍රී ඇන්තනී 10, ටලීෂ සිල්වා 29/3, මනුත් මල්සුක 28/3)
සී.එම්.එස්.ශ්‍රී ජයවර්ධනපුර විදුහල දිනය නිමා වන විට කඩුළු 6 ට 161
(අන්ජන නිදූෂ 19, ප්‍රමෝදර සත්සර නොදැවී 42, දහම් කෞෂල්‍ය 85, දිමිත්‍රී ඇන්තනී 33/2, නිදුෂාන් කවීෂ 45/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.