අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පී. ද එස්. කුලරත්න විදුහල අද (21 වැනිදා) සමත් විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී බලපිටිය රේවත විදුහලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් අත්කර ගනිමින් කුලරත්න විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
රේවත විදුහල - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 121
(කමේෂ් ද සිල්වා නොදැවී 39, ඩී.එස්.සී. දනසංක 23, කවීෂ් සත්සර 22/4, හිරුෂ දෙව්මික 14/2, රවිෂාන් නෙත්සර 18/2)
පී. ද එස්. කුලරතන විදුහල - ඕවර 47.3 කදී කඩුලු 9 ක් දැවී 122
(රවිෂාන් නෙත්සර 31, කුෂාන් ද සිල්වා 14/2, දිනුර පෙරේරා 21/2, කමේෂ් ද සිල්වා 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.