අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැදි විදුහල අද (20 වැනිදා) සමත් විය.

මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලට එරෙහිව ලකුණු 9 ක ජයක් වාර්තා කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
එහිදී කන්නන්ගර මැදි විදුහල වෙනුවෙන් දිනිල් ද අල්විස් සහ දසුන් ගුණසිංහද, ජෝන් කොතලාවල විදුහල වෙනුවෙන් මොහොමඩ් ඉන්සමාම් සහ ගිම්හාන් අලහකෝන්ද, කඩුලු 3 බැගින් දවාගත්හ.
කන්නන්ගර මැදි විදුහල - ඕවර 26.4 කදී සියලු දෙනා දැවී 125
(උෂාන් මහීපාල 33, තනූෂ ශෙහාන් 32, මොහොමඩ් ඉන්සමාම් 27/3, ගිම්හාන් අලහකෝන් 31/3)
ජෝන් කොතලාවල විදුහල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 116
(මොහොමඩ් ඉන්සමාම් 23, තුමොෂ් කිත්මල් 21, දිනිල් ද අල්විස් 06/3, දසුන් ගුණසිංහ 28/3, ශකිල ප්‍රියශාන් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.