Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කන්ද උඩරට ළදරුවන්ගේ හටන පල්ලෙකැලේදී

කන්ද උඩරට ළදරුවන්ගේ හටන පල්ලෙකැලේදී

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට ළදරුවන්ගේ හටන නම් විරුදාවලිය ලත් ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයත්, විද්‍යාර්ථ විදුහලත් අතර දොන් ජෝර්ජ් පියනම කුසලාන 64 වැනි මහා ක්‍රිකට් තරඟයමේ මස 29 - 30 යන දෙදෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති තරග 63 අතරින් ශාන්ත සිල්වෙස්තර විදුහල තරඟ 15 ක ජයද විද්‍යාර්ථ විදුහල තරඟ තුනක ජය ද වාර්තා කර තිබේ. ඉතිරි තරඟ ජය පැරදුමෙන් තොරව නිමා වී ඇත.

ශාන්ත සිල්වෙස්තර විදුහල අවසන් වරට මහා ක්‍රිකට් තරග ජයක් වාර්තා කර ඇත්තේ 2022 වසරේදීය. විද්‍යාර්ථ විදුහල අවසන් වරට ජය වාර්තා කර ඇත්තේ 1967 වසරේදීය .

ශාන්ත සිල්වෙස්තර විදුහල අන්තර් පාඨශාලියේ ක්‍රිකට් තරගාවලියේ ඒ කොටසේ ක්‍රීඩා කරමින් මේ තරග වාරයේ තරග 09 කට මුහුණ දෙමින් ඉන් පූර්ණ ජය 04ක් වාර්තා කොට තරඟ 05 ක් පරාජය වී තිබේ.

විද්‍යාර්ථ විදුහල අන්තර් පාඨශාලිය ක්‍රිකට් තරඟාවලියේ බී කොටසේ ක්‍රීඩා කරමින් මේ තරග වාරයේ තරග 11 කට මුහුණ දී පූර්ණ ජයග්‍රහණ 6 ක් වාර්තාකර තරගයක් පරාජය වී ඉතිරි තරඟ ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ.

ශාන්ත සිල්වෙස්තර විදුහල වෙනුවෙන් මේ තරග වාරයේ කෞශල්‍ය දිසානායක (312), අනූෂ මෙන්ඩිස් (275) සහ චණ්ඩුප වඩුගේ (246) පිත්තෙන් දස්කම් දක්වා තිබේ. නිමේෂ් සිල්වා (කඩුලු‍ 41), අකිල වික්‍රමසිංහ (කඩුලු‍ 26) සහ අනූෂ මෙන්ඩිස් (කඩුලු‍ 27) පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් මේ තරග වාරයේ ධනූප කොඩිකාර (447) භාෂිත කේෂාන් (386) සහ ෂෙවන් කනිසස් (327) පිත්තෙන් දස්කම් දක්වා ඇති අතර, ෂෙවන්කනිසස් (කඩුලු‍ 46) ෂානුක රඹුක්පිටිය (කඩුලු‍ 33) සහ ධනූප කොඩිකාර (කඩුලු‍ 32) පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

 

සිල්වෙස්තර සංචිතය -
අකිල වික්‍රමසිංහ (නායක), ඉසුර ගුණසේකර (උපනායක), චන්ඩුප වඩුගේ, යෝෂිත ඉසුරංග, අශේන් දිසානායක, විදුසර ගනේගොඩ, අමිත් කුමාර, වගීශ හන්සල, අරෝෂ මෙන්ඩිස්, පුන්සිත් බණ්ඩාර, කාශ්‍යප දිසානායක, චන්දිමාල් විජේවර්ධන, ඩියෝන් ප්‍රනාන්දු, නිමේෂ සිල්වා, පියුමක කරුණාරත්න, ගගන කරුණාරත්න, නෙත්මිර රණසිංහ, විමල්ක රණසිංහ, චාමික බස්නායක සහ ඉශාන් ප්‍රභාත්

 

විද්‍යාර්ථ සංචිතය -
අනිෂ්ක ගුණරත්න (නායක), ෂෙහාන් චන්ද්‍රසිරි (උප නායක), භාෂිත නන්දනතිස්ස, දිනෙත් බුලන්කුලම, චමල්ක බණ්ඩාර, ශානුක රඹුක්පිටිය, ධනූප කොඩිකාර, පුබුදු තාරක, ෂෙවාන් කනිසස්, කලණ ජයනෙත්, කවිඳු හෙට්ටිආරච්චි, යස්මිත දිසානායක, අනූෂ රණවීර, චෙනුල් හසන්ජන, ඕෂධ ජයරත්න, අකලංක දිනූජය සහ යසස් විද්වන්ත


අදහස් (0)

කන්ද උඩරට ළදරුවන්ගේ හටන පල්ලෙකැලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.