අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල සහ හංවැල්ල රාජසිංහ මැදි විදුහල අතර රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට රාජසිංහ මැදි විදුහල සමත් විය.
එහිදී රාජසිංහ මැදි විදුහලේ ශක්ති උදාර ලකුණු 90 කට කඩුලු 12 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
ක්‍රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 108
(ෂෙනාල් පෙරේරා 26, කවීෂ් ප්‍රනාන්දු 22, ශක්ති උදාර 33/6, චනුක් මන්දීව් 34/2)
රාජසිංහ විදුහල් පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 102
(චමෝද් සංජය 39, රුසිර රසාංග 40/4, රොෂේන් ඇන්තනී 33/4, ෂෙනාල් පෙරේරා 14/2)
ක්‍රිස්තු රාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 131
(කවීෂ් ප්‍රනාන්දු 41, යෙව්ෂ් රඹුක්කන 23, ශක්ති උදාර 57/6, චමෝද් සංජය 13/2)
රාජසිංහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී කඩුලු 8 ක් දැවී 141
(අමිල චතුරංග 36, ශක්ති උදාර නොදැවී 32, සතික නෙත්සද 20, රොෂේන් ඇන්තනී 51/4, රුසිර රසාංග 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.