Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සී. එච්. පිලෙන් පොලීසියට ප්‍රහාරයක්

සී. එච්. පිලෙන් පොලීසියට ප්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 38-25 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය.

පොලිස් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 18-14 ක් ලෙස පෙරමුණේ පසුවුවද සී. එච්. පිල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.

තරගය ආරම්භ වී 11 වැනි මිනිත්තුවේදී පොලිස් පිලේ සචිත් සිල්වා සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

හිරන්ත පෙරේරා 15 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සී. එච්. පිල ලකුණු 7-3 ක් ලෙස ඉදිරියට පැමිණියේය.

පොලිස් පිලට සචිත් සිල්වා 18 වැනි මිනිත්තුව සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු තත්ත්වය 7-6 ක් බවට පත්විය.
සී. එච්. පිලේ නායක රෝහිත රාජපක්‍ෂ 29 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 14-6 ක් බවට පත්විය.

වගීෂ වීරසිංහ 30 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට එකතු කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු තත්ත්වය 14-11 ක් බවට පත්විය.

පළමු අර්ධය අවසන් වීමට ආසන්නව තිබියදී පොලිස් පිලට දඩුවම් පහර ගෝලයක් එකතු වීමෙන් ලකුණු පුවරුව 18-14 ක් බවට පරිවර්ථනය විය.

දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී සැමුවෙල් මධුවන්ත සී. එච්. පිලට දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 18-17 ක් බවට පත්කළේය.

දෙවැනි අර්ධයේ හයවැනි මිනිත්තුවේදී අනුරාධ හේරත් සහ 16 වැනි මිනිත්තුවේදී රෝහිත රාජපක්‍ෂ උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළ අතර සැමුවෙල් මධුවන්ත ඒවා ගෝල බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව සී. එච්. පිල ලකුණු 31-18 ක් ලෙස ඉදිරියට පැමිණියේය.

පොලිස් පිලට ධනුෂ්ක එදිරිසූරිය 33 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමට සචිත් සිල්වා අතිරේක ලකුණු මුසුකිරීමත් සමඟ ලකුණු පුවරුව 31-25 ක් බවට පත්විය.

සී. එච්. පිලට සුදම් සූරිආරච්චි 38 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත ගෝලයක් බවට පත්කිරීමෙන් අවසන් ලකුණු තත්ත්වය 38-25 ක් බවට පත්විය.   

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

සී. එච්. පිලෙන් පොලීසියට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.